Sunday, September 26, 2010

ගුණියා මී පාසානං කාපු හැටි

                                          
                                               
                                        කියන්න කතානං ගොඩක් තියනව කොයි කතාව මුලින් කියන්නද කියල හිතාගන්න ආමාරුයි.ඒකයි Blog එක ලියන්න පරක්කු වුනෙ.ඉතිං අන්තිමට බුවා මල්ලි තීරණය කලා Set එකේ බුවෙක්ව නෝන්ඩි කරන්න හදපු කථාවකින්ම පටන් ගන්න.

                                      අපි ඒ බුවාට ගුණිය කියල කියමු.ඔන්න ඉතිං මේ ගුණිය කියන්නෙ කෙල්ලන්ගෙන් Boot කන බුවෙක්.කොටින්ම කියනවනම් Boot පප්පෙක්.ගුණියත් ඉතිං මේ වැඩේ හැමදාම කරන්න බැරි නිසා හිතුව සිරාවටම කෙල්ලෙක්ට Try කරන්න.ඔහොම හිතල මු කෙල්ලෙක්වත් තෝරගෙන අවුරුදු 2 විතර මේ කෙල්ලට Try කලා.ඒ වුනාට වැඩක් වුනෙ නැ.ඒ වැඩෙත් හබක්.ඒ කෙල්ලත් මූට බෑ කිව්ව.ගුණියත් ඉතිං වැඩේ Sorry වෙච්ච දුකට බෝතලයක් විතර බීලා ගෙදර ගියා.ඔන්න ඕකයි Original Storyය.දැනුයි පටං ගන්නෙ බුවාල ඒකට හදපු කතාව.

       **************************************************************************

                                                            කට ගොන්නක් බී ගෙන ගෙදර ගිය ගුණිය හිතුවලු ජීවත් වෙලා වැඩක් නෑ මැරෙන්න ඕනෙ කියල.එහෙම හිතපු මේ බුවා කල්පනා කලාලු මැරන්න ලේසි විදිහක්.අන්තිමට මිනිහට Click වුනාලු "මී පාසානං" කාලා මැරෙන ඒක හොදයි කියල.ඉතිං ගුණියත් "මී පාසානං" පැකට් එකක්ම කාලා නිදා ගත්තලු
          
                                    පහුවදාට එලිවුනාලු.බැලින්නං ගුණිය මැරිල නැහැලු.මිනිහත් හැමදේම වෙන්නෙ මටමයි කියල හිත හදාගෙන ඇදෙන් බැස්සලු.කාටත් ඉතිං උදේ පාන්දර ඇහැරුනාම හැ‍දෙන බරක් තියෙනවනෙ.මිනිහටත් ඉතිං ඔය බර හැදිල ගියාලු Toilet එකට.කොච්චර Try කලත් චූ එන්නැතිලු ගුණියත් දෙකට නැවිල බැලුවලු 

  බැලින්නම් වැඩේ බනිස්ලු "මීයා" මැරිලලු .......

                                      ඉතිං අපේ බුවාල එක ඔය කතාව කියල තමයි තාමත් ගුණියට බයිට් කරන්නෙ

 එහෙනම් මම කැපෙනව හොදේ.Bye .......